Pages

Friday, August 26, 2011

ස්නේහයේ නගරයයි සිත මගේ.....................

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් වූ නොවූ රාගයේ.......
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒමෙත් පුරේ.....

       යෞවනේ නිල්නුවන් සේ රැඳී
       රන් මලක් හද සල්වනේ

       නෙත් පහන් දල්වලා
       සිත් සඳුන් දුන්දවා
       රොන් සිනා පාමි පූජාසනේ

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් වූ නොවූ රාගයේ.......
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒමෙත් පුරේ.....

       මේ නවාතැන් ගෙවා ආත්මයේ
       යන තුරා මිලින වී මතුදිනේ

       සෙනෙහසේ සිසිලසින්
       දොවන සේ යදිමි මා
       පූජනීයයි උතුම් ආදරේ





0 comments:

Post a Comment