යමෙකු ඔබ වෙත වැරදි පවරන විට,
මහමෙරක් සේ නොසැලී සිටිය හැකිනම්,
මුලු ලොවම ඔබව සැක කරද්දී,
හෘද සාක්ෂිය මත ,
ඔබට ඔබ විශ්වාස නම්,
සැවොම ඔබට ද්වේශ කරද්දී ,
ඔවුන්ට ද්වේශ නොකරන්නේ නම්,
ඔබේ හදවතින්ම ක්‍රියාත්මක කරන සත් ක්‍රියාවක්,
කිසිවෙකුගේ ඇගයීමකට ලක්නොවෙද්දී,
නිහඬව සිටිය හැකි නම්,
ඔබ වෙත එන නින්දා හා අපහාසයන්,
මදහසින් යුතුව ඉවසිය හැකිනම්,
ප්‍රතිලාභ ඔබ වෙත නොලැබුනද ,
යුතුකම් ඉටු කිරීමට නොපැකිලේ නම්,
සත්තකින්ම ඔබ,
බුදු වන්නට පෙරුම් පුරන ,
බෝසත් කුමරෙක් වන්නේය..........................



6 comments:
November 8, 2011 9:07 PM
hmmmmmmmmmmm
November 10, 2011 11:39 AM
niyamai...
November 10, 2011 12:07 PM
ඒ දේවල් වලින් බුදුවෙන්නට පෙරුම් පුරන කෙනෙක් නොවුනත් රට දැය සමයට වැඩක් ඇති, යහපත් පුද්ගලයෙක් බිහිවෙනවා. එයම මදිද ඉතින්.
ගොඩක් හොඳ සිතුවිල්ලක්
November 10, 2011 6:43 PM
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. අනේ.. එහෙම පුළුවන් නම්... කොච්ච්ර හොදද...:)
November 11, 2011 4:55 PM
ඇත්ත,.. ඒත් අපි පෘතග්ජන මිනිස්සු නිසා දෙයක් බලාපොරොත්තු නොවුනත් හිතේ සියුම් දුකක් ඇති වෙන එක වලක්වන්න බෑ ඔය වගේ අවස්ථාවලදී,.
November 11, 2011 9:33 PM
thanx frnds....
Post a Comment