Pages

Tuesday, October 12, 2010

Read this and see how it relevent to today society.
actually nice free verse poem.


දරණීය ගුරුතුමාණෙනි,


මම රැඳවුම් කඳවුරකින් දිවි ගලවාගත් අයෙක්මි.
මගේ ඇස්
කිසිම මිනිසෙකු විසින් නොදැකිය යුතු
උගත් ඉන්ජිනේරුවන් විසින්
සාදන ලද විෂ වායු කාමර,
උගත් වෛද්‍යවරුන් විසින්
විෂ එන්නත් කරන ලද ළමයින්,
පුහුණු හෙදියන් විසින්,
මරා දමන ලද බිළිඳුන්,
උසස් විද්‍යාලවල උගත් ශිෂ්‍යයින් හා විශ්ව විද්‍යාලවල
උගත් උපාධිධාරීන් විසින් වෙඩි තබා
පුලුස්සා දමන ලද
කාන්තාවන්ගේ හා අත දරුවන්ගේ මළ සිරුරු දැක්කා.....
දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.
මගේ ඉල්ලීම
ඔබෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ට
මානුෂික වීමට උපකාරී කරන්න.......
ඔබේ උත්සාහය කිසි විටෙකත්
උගත් රාක්ෂයින්,
කුසලතා පිරිපුන්
මනෝ විකෘතිකයන්,
උගත් අයිචිමාන්වරුන්,
බිහි කිරීමට හේතු නොවේවා.........
කියවීම,ලිවීම,ගණිතය වැදගත් වන්නේ,
ඒවා අපේ දරුවනට වඩාත් මානුෂික වීමට
මඟ පෙන්වන්නේ නම් පමණි.............